![]() |
Add caption |
ඔයාලට මම දෙමල චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයක් ගෙනාවා. මේක නිර්මාණයක් ලෙස හැදින් වූයේ මා මීට කලින් ලබා දුන්නු Endrendrum Punnagai (2013) ෆිල්ම් එක වගේම මේක සදහත් අන්තර්ජාලයේ කිසිදු භාෂාවකින් උපසිරැසියක් නිකුත් වී නොමැති නිසාය. වෙනදා වගේම මේ චිත්‍රපටයට කාල රාමූ සකසා දෙමින් උදව් වූ වාසල සහෝට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. ඒ වගේම මේ චිත්‍රපටය අද දවසේ ලබා දෙන ලෙස ඉල්ලමින් මාව ඉක්මන් කරවූ විකී අයියාටද ස්තූති වන්ත වෙමි.
දැන් චිත්‍රපටය දෙසට පොඩ්ඩක් නෙත් යොමුකර බලමූ. මේක 2013 වසරේ නිකුත් වූ කොමඩි , රොමෑන්ස් ඝනයට වැටෙන ලස්සන කතාවක් පාදක කරගත් සුපිරි චිත්‍රපටයකි. මේකේ නලුවා ෂිවා වන අතර නිලිය ප්‍රියා ආනද්ය. මේකේ කතාව මෙහෙමයි ගලාගෙන යන්නේ. අජේ කියන්නේ තේනී ගමේ සිට චෙන්නායි වලට ආයතනය රැකියාවක් කිරීමට පැමිනෙන කොල්ලෙක්. මෙයා චෙන්නායි වල නවතින්නට , ගෙවල් කුලියට ලබා දෙන නාරායනන් නැමැත්තෙකුගෙන් ගෙයක් කුලියට ගන්නවා. ඒ වගේම අංජලී කියන්නේ ජායාරූප ගැනීම තම ජීවිතය කරගත්ත තරුණියකි. ඇය ජායාරූප ගැනීමට තම පියා එක්ක රණ්ඩු කර ඉන්දියාවට පැමිනෙනවා. ඒ එක්කම ඇයත් චෙන්නායි වල නවතින්නට ගෙයක් කුලියට ගන්නවා අර නාරායනන් ගෙනි. ඒ නාරායනන් කුලියට දෙන්නේ අජේට දුන්නු නිවසම තමා. මේක මේ දෙන්නාම නොදනී. අජේ නිවසේ රැදී සිටිද්දි අංජලිත් ඒ ගෙටම තම බඩු බාහිරාදිය අරගෙන පැමිනෙනවා. පසුව දෙන්නාම දැන ගන්නවා අර නාරායනන් මේ දෙන්නාවම රවට්ටලා තියෙන වග. පස්සේ මේ දෙන්නා අතර රන්ඩුවක් ඇති වෙනවා මේ නිවස කාටද යන වග. පස්සේ මේ දෙන්නා එකග වී එකම ගෙදර නවාතැන් ගන්නවා. මේ අතර මොවුන් අර නාරායනන්වත් හොයමින් සිටිනවා. අවසානයේදී නාරායනන්ව හොයා ගත්තාද? මේ දෙන්නා එකම නිවසේ රැදී සිටිද්දි අසල් වාසින් ගෙන් , යාලුවන් ගෙන්, නෑ හිතවතුන් ගෙන් කොහොම කොහොම කරදර පැමිනෙයිද? ඒවාට මොවුන් මූන දෙන්නේ කොහොමද? මේ දෙන්නා අතර ප්‍රේමයක් ඇති වෙයිද? මේ සැමටම පිලිතුරු මේ චිත්‍රපටය තුල තියෙනවා. ඔයාලා අරගෙන නරභන්න කියලා ඉල්ලා සිටිනවා.
මෙච්චර මහන්සි වී අසා ලිවීමෙන් කල උපසිරැසියක් නිසා, ඔයාලගේ පුංචි හෝ අදහස් කොමන්ටුවක් මගින් දාලා යන ලෙස ඔයාලා හැමගෙන් ඉල්ලා සිටිනවා. තව ලස්සන දෙමල චිත්‍රපටයක් , හැකි උනොත් ඔයාලා ඉල්ලීම් කරන දෙමල චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයක් අරගෙන හමුවෙන්නට එන්නම්. හැමෝටම ජයෙන් ජයම වේවා!!!!!!!!!
CCD68EF0B6BE775B9CBAE5146E17FBB6B183825E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
No comments:
Post a Comment