Sunday, September 11, 2016



ඔන්න යාළුවනේ මම තවත් දෙමල ෆිලුමක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේක නම් මේ වසරේ එනම් 2016  වසරේ නිකුත් වූ සාර්ථක දෙමල ෆිලුමක් කියලා තමා මම නම් කියන්නේ. ඒ වගේම දෙමළ ෆිල්ම් බලන අය අනිවා බැලිය යුතු ෆිලුමක් කියලත් මම මෙය නිර්දේෂ කරනවා. 

ෆිලුමේ නම ''පිච්චෙයිකාරන්'. එනම් එහි තේරුම 'හිගන්නා' කියන එකයි. සංගීත අධ්‍යක්ෂක වරයෙකුව සිට සිනමා රංගනයට  පිවිසුනු 'විජේ ඇන්ටනී'ගේ ෆිලුමක් තමා මෙය. මෙය ඔහුගේ සතරවෙනි ෆිලුමයි. මීට කලින් ඔහු 'නාන්', 'සලීම්', 'ඉන්දියා පාකිස්තාන්' කියන ෆිල්ම් වල රග පා ඇත. මේ ෆිල්ම් තුනම ඉතාමත් සාර්තක විය. එහිදී නාන් හා සලීම් කියන ෆිල්ම් දෙක ටිකක් ගුප්ත ස්වරූපයේ කතාවකින් මෙන්ම ත්‍රාසය කැටි සිනමා නිර්මාණ ලෙස හැදින්විය හැකිය. ඔහු ඒවා වල රග පෑමෙන් ඔහු එවැනි සිනමා නිර්මාණ සදහා වඩාත් සුදුසුයි යැයි ප්‍රේක්ෂකයින්ගෙන් ඇගයිමටද ලක් විය. ඒ අනුව එවැනිම රංගනයක් මේ ෆිලුම තුළින් ඉදිරිපත් කර නැවතත් එය ඔප්පු කර පෙන්වා තිබෙනවා. 

ෆිලුමේ කතාව චුට්ටක් කියන්නම්. අරුල් කියන්නේ තිරුප්පූර් නැමති ප්‍රදේශයේ කොටන් ෆැක්ටරියක් අයිති භුවනේශ්වරී නැමති කාන්තාවගේ එකම පුතා. කොටින්ම කිව්වොත් කෝටිපති පුතෙක්. මොහු පිටරට අධ්‍යාපනය හදාර තම මව හමුවෙන්න එම කර්මාන්ත ශාලාවට පැමිනෙනවා. එහෙට ආපූ වෙලාවේ ඔහුගේ අම්මා කර්මාන්ත ශාලාවේ යම් අනතුරකට පත් වෙලා කෝමා තත්වයට පත් වෙනවා, එමෙන්ම ඔහුගේ මව ටිකෙන් ටික මැරෙමින් තමා ඉන්නේ. මොහු අම්මාව සුව කරන්න නොයෙකුත් ප්‍රතිකාර කලද, ඵලක් වන්නේ නැත. එතකොට සාමී කෙනෙක් ඔහුට හමුවෙලා යම් ක්‍රමයක් කියනවා අත් හදා බලන්න කියලා. එනම් තමාගේ සියලු සැප සහිත ජීවිතය අතහැර තමන් කවුද යන්න වගත් තමාගේ බල පුළුවන්කාරකම ජනයාට ප්‍රදර්ශනය නොකර දවස් 48ක් හිගා කාලා ජීවත් වෙන්න කියනවා. පස්සේ මොහු ඒ ජීවිතය තම මව උදෙසා ගත කරයිද? එවිට ඔහුගේ අම්මා සුව වෙයිද? එහෙම ජීවිතයක කටුක බව කොයි වගේද? එහෙම ජීවිතයක් ගත කරන එකෙහී අත්දැකීම් මොනාද ? මේවාට පිළිතුරු ෆිලුම තුළ අඩංගුයි. බොහෝම සංවේදී කතාවක් වන අතර එය තුළ ආදරය සෙනෙහස, සමාජයෙ යථාර්තය, හිගන්නන්ගේ යතාර්ථ ජීවිතය, සටන් ජවනිකා, පළි ගැනීම්, හතුරුකම් යන සියල්ල මේ ෆිලුම තුල අන්තර්ගතය. අනිවා නැරැබිය යුතු වටිනා සිනමා නිර්මාණයක් තමා මෙය. 

එහෙනම් මම ගොහින් එන්නම්. ඔයාලා සැමට ජයෙන් ජයම වේවා!!!