Sunday, September 11, 2016



ඔන්න යාළුවනේ මම තවත් දෙමල ෆිලුමක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේක නම් මේ වසරේ එනම් 2016  වසරේ නිකුත් වූ සාර්ථක දෙමල ෆිලුමක් කියලා තමා මම නම් කියන්නේ. ඒ වගේම දෙමළ ෆිල්ම් බලන අය අනිවා බැලිය යුතු ෆිලුමක් කියලත් මම මෙය නිර්දේෂ කරනවා. 

ෆිලුමේ නම ''පිච්චෙයිකාරන්'. එනම් එහි තේරුම 'හිගන්නා' කියන එකයි. සංගීත අධ්‍යක්ෂක වරයෙකුව සිට සිනමා රංගනයට  පිවිසුනු 'විජේ ඇන්ටනී'ගේ ෆිලුමක් තමා මෙය. මෙය ඔහුගේ සතරවෙනි ෆිලුමයි. මීට කලින් ඔහු 'නාන්', 'සලීම්', 'ඉන්දියා පාකිස්තාන්' කියන ෆිල්ම් වල රග පා ඇත. මේ ෆිල්ම් තුනම ඉතාමත් සාර්තක විය. එහිදී නාන් හා සලීම් කියන ෆිල්ම් දෙක ටිකක් ගුප්ත ස්වරූපයේ කතාවකින් මෙන්ම ත්‍රාසය කැටි සිනමා නිර්මාණ ලෙස හැදින්විය හැකිය. ඔහු ඒවා වල රග පෑමෙන් ඔහු එවැනි සිනමා නිර්මාණ සදහා වඩාත් සුදුසුයි යැයි ප්‍රේක්ෂකයින්ගෙන් ඇගයිමටද ලක් විය. ඒ අනුව එවැනිම රංගනයක් මේ ෆිලුම තුළින් ඉදිරිපත් කර නැවතත් එය ඔප්පු කර පෙන්වා තිබෙනවා. 

ෆිලුමේ කතාව චුට්ටක් කියන්නම්. අරුල් කියන්නේ තිරුප්පූර් නැමති ප්‍රදේශයේ කොටන් ෆැක්ටරියක් අයිති භුවනේශ්වරී නැමති කාන්තාවගේ එකම පුතා. කොටින්ම කිව්වොත් කෝටිපති පුතෙක්. මොහු පිටරට අධ්‍යාපනය හදාර තම මව හමුවෙන්න එම කර්මාන්ත ශාලාවට පැමිනෙනවා. එහෙට ආපූ වෙලාවේ ඔහුගේ අම්මා කර්මාන්ත ශාලාවේ යම් අනතුරකට පත් වෙලා කෝමා තත්වයට පත් වෙනවා, එමෙන්ම ඔහුගේ මව ටිකෙන් ටික මැරෙමින් තමා ඉන්නේ. මොහු අම්මාව සුව කරන්න නොයෙකුත් ප්‍රතිකාර කලද, ඵලක් වන්නේ නැත. එතකොට සාමී කෙනෙක් ඔහුට හමුවෙලා යම් ක්‍රමයක් කියනවා අත් හදා බලන්න කියලා. එනම් තමාගේ සියලු සැප සහිත ජීවිතය අතහැර තමන් කවුද යන්න වගත් තමාගේ බල පුළුවන්කාරකම ජනයාට ප්‍රදර්ශනය නොකර දවස් 48ක් හිගා කාලා ජීවත් වෙන්න කියනවා. පස්සේ මොහු ඒ ජීවිතය තම මව උදෙසා ගත කරයිද? එවිට ඔහුගේ අම්මා සුව වෙයිද? එහෙම ජීවිතයක කටුක බව කොයි වගේද? එහෙම ජීවිතයක් ගත කරන එකෙහී අත්දැකීම් මොනාද ? මේවාට පිළිතුරු ෆිලුම තුළ අඩංගුයි. බොහෝම සංවේදී කතාවක් වන අතර එය තුළ ආදරය සෙනෙහස, සමාජයෙ යථාර්තය, හිගන්නන්ගේ යතාර්ථ ජීවිතය, සටන් ජවනිකා, පළි ගැනීම්, හතුරුකම් යන සියල්ල මේ ෆිලුම තුල අන්තර්ගතය. අනිවා නැරැබිය යුතු වටිනා සිනමා නිර්මාණයක් තමා මෙය. 

එහෙනම් මම ගොහින් එන්නම්. ඔයාලා සැමට ජයෙන් ජයම වේවා!!! 


Wednesday, August 27, 2014

Add caption
ඔ‍යා‍ල‍ට ‍ම‍ම ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍යක්‍ ‍ගෙ‍නා‍වා. ‍මේ‍ක ‍නිර්‍මා‍ණ‍යක්‍ ‍ලෙ‍ස ‍හැ‍දින්‍ ‍වූ‍යේ ‍මා ‍මී‍ට ‍ක‍ලින්‍ ‍ල‍බා ‍දුන්‍‍නු Endrendrum Punnagai (2013) ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍ව‍ගේ‍ම ‍මේ‍ක ‍ස‍ද‍හත්‍ ‍අන්‍‍තර්‍ජා‍ල‍යේ ‍කි‍සි‍දු ‍භා‍ෂා‍ව‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නි‍කුත්‍ ‍වී ‍නො‍මැ‍ති ‍නි‍සා‍ය. ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍කා‍ල ‍රා‍මූ ‍ස‍ක‍සා ‍දෙ‍මින්‍ ‍උ‍දව්‍ ‍වූ ‍වා‍ස‍ල ‍ස‍හෝ‍ට ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති‍වන්‍‍ත ‍වෙ‍මි. ‍ඒ ‍ව‍ගේ‍ම ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍අ‍ද ‍ද‍ව‍සේ ‍ල‍බා ‍දෙ‍න ‍ලෙ‍ස ‍ඉල්‍‍ල‍මින්‍ ‍මා‍ව ‍ඉක්‍‍මන්‍ ‍ක‍ර‍වූ ‍වි‍කී ‍අ‍යි‍යා‍ට‍ද ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍මි. 
දැන්‍ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍දෙ‍ස‍ට ‍පොඩ්‍‍ඩක්‍ ‍නෙත්‍ ‍යො‍මු‍ක‍ර ‍බ‍ල‍මූ. ‍මේ‍ක 2013 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍කො‍ම‍ඩි , ‍රො‍මෑන්‍ස්‍ ‍ඝ‍‍න‍ය‍ට ‍වැ‍ටෙ‍න ‍ලස්‍‍ස‍න ‍ක‍තා‍වක්‍ ‍පා‍ද‍ක ‍ක‍ර‍ගත්‍ ‍සු‍පි‍රි ‍චිත්‍ර‍ප‍ට‍ය‍කි. ‍මේ‍කේ ‍න‍ලු‍වා ‍ෂි‍වා ‍ව‍න ‍අ‍ත‍ර ‍නි‍ලි‍ය ප්‍රි‍යා ‍ආ‍නද්‍ය. ‍මේ‍කේ ‍ක‍තා‍ව ‍මෙ‍හෙ‍ම‍යි ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. ‍අ‍ජේ ‍කි‍යන්‍‍නේ ‍තේ‍නී ‍ග‍මේ ‍සි‍ට ‍චෙන්‍‍නා‍යි ‍ව‍ල‍ට ‍ආ‍ය‍ත‍න‍ය ‍රැ‍කි‍යා‍වක්‍ ‍කි‍රී‍ම‍ට ‍පැ‍මි‍නෙ‍න ‍කොල්‍‍ලෙක්‍. ‍මෙ‍යා ‍චෙන්‍‍නා‍යි ‍ව‍ල ‍න‍ව‍තින්‍‍න‍ට , ‍ගෙ‍වල්‍ ‍කු‍ලි‍ය‍ට ‍ල‍බා ‍දෙ‍න ‍නා‍රා‍ය‍නන්‍ ‍නැ‍මැත්‍‍තෙ‍කු‍ගෙන්‍ ‍ගෙ‍යක්‍ ‍කු‍ලි‍ය‍ට ‍ගන්‍‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම ‍අං‍‍ජ‍ලී ‍කි‍යන්‍‍නේ ‍ජා‍යා‍රූ‍ප ‍ගැ‍නී‍ම ‍ත‍ම ‍ජී‍වි‍ත‍ය ‍ක‍ර‍ගත්‍‍ත ‍ත‍රු‍ණි‍ය‍කි. ‍ඇ‍ය ‍ජා‍යා‍රූ‍ප ‍‍ගැ‍නී‍ම‍ට ‍ත‍ම ‍පි‍යා ‍එක්‍‍ක ‍රණ්‍‍ඩු ‍ක‍ර ‍ඉන්‍‍දි‍යා‍ව‍ට ‍පැ‍මි‍නෙ‍න‍වා. ‍ඒ ‍එක්‍‍ක‍ම ‍ඇ‍යත්‍ ‍චෙන්‍‍නා‍යි ‍ව‍ල ‍න‍ව‍තින්‍‍න‍ට ‍ගෙ‍යක්‍ ‍කු‍ලි‍ය‍ට ‍ගන්‍‍න‍වා ‍අ‍ර ‍නා‍රා‍ය‍නන්‍ ‍ගෙ‍නි. ‍ඒ ‍නා‍රා‍ය‍නන්‍ ‍කු‍ලි‍ය‍ට ‍දෙන්‍‍නේ ‍අ‍ජේ‍ට ‍දුන්‍‍නු ‍‍නි‍ව‍ස‍ම ‍ත‍මා. ‍මේ‍ක ‍මේ ‍දෙන්‍‍නා‍ම ‍නො‍ද‍නී. ‍අ‍ජේ ‍නි‍ව‍සේ ‍රැ‍දී ‍සි‍ටිද්‍‍දි ‍අං‍‍ජ‍ලිත්‍ ‍ඒ ‍ගෙ‍ට‍ම ‍ත‍ම ‍බ‍ඩු ‍බා‍හි‍රා‍දි‍ය ‍අ‍ර‍ගෙ‍න ‍පැ‍මි‍නෙ‍න‍වා. ‍ප‍සු‍ව ‍දෙන්‍‍නා‍ම ‍දැ‍න ‍ගන්‍‍න‍වා ‍අ‍ර ‍නා‍රා‍ය‍නන්‍ ‍මේ ‍දෙන්‍‍නා‍ව‍ම ‍ර‍වට්‍‍ට‍ලා ‍ති‍යෙ‍න ‍ව‍ග. ‍පස්‍‍සේ ‍මේ ‍දෙන්‍‍නා ‍අ‍ත‍ර ‍රන්‍‍ඩු‍වක්‍ ‍ඇ‍ති ‍වෙනවා ‍මේ ‍නි‍ව‍ස ‍කා‍ට‍ද ‍ය‍න ‍ව‍ග. ‍පස්‍‍සේ ‍මේ ‍දෙන්‍‍නා ‍එ‍ක‍ග ‍වී ‍එ‍ක‍ම ‍ගෙ‍ද‍ර ‍න‍වා‍තැන්‍ ‍ගන්‍‍න‍වා. ‍මේ ‍අ‍ත‍ර ‍මො‍වුන්‍ ‍අ‍ර ‍නා‍රා‍ය‍නන්‍‍වත්‍ ‍හො‍ය‍මින්‍ ‍සි‍ටි‍න‍වා. ‍අ‍ව‍සා‍න‍යේ‍දී ‍නා‍රා‍ය‍නන්‍‍ව ‍හො‍යා ‍ගත්‍‍තා‍ද? ‍මේ ‍දෙන්‍‍නා ‍එ‍ක‍ම ‍නි‍ව‍සේ ‍රැ‍දී ‍සි‍ටිද්‍‍දි ‍අ‍සල්‍ ‍වා‍සින්‍ ‍ගෙන්‍ , ‍යා‍ලු‍වන්‍ ‍ගෙන්‍, ‍නෑ ‍හි‍ත‍ව‍තුන්‍ ‍ගෙන්‍ ‍කො‍හො‍ම ‍කො‍හො‍ම ‍ක‍ර‍ද‍ර ‍පැ‍මි‍නෙ‍යි‍ද? ‍ඒ‍වා‍ට ‍මො‍වුන්‍ ‍මූ‍න ‍දෙන්‍‍නේ ‍කො‍හො‍ම‍ද? ‍මේ ‍දෙන්‍‍නා ‍අ‍ත‍ර ප්‍රේ‍ම‍යක්‍ ‍ඇ‍ති ‍වෙ‍යි‍ද? ‍මේ ‍සැ‍ම‍ට‍ම ‍පි‍ලි‍තු‍රු ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍තු‍ල ‍ති‍යෙ‍න‍වා. ‍ඔ‍යා‍ලා ‍අ‍ර‍ගෙ‍න ‍න‍ර‍භන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා. 
මෙච්‍‍ච‍ර ‍ම‍හන්‍‍සි ‍වී ‍අ‍සා ‍ලි‍වී‍මෙන්‍ ‍ක‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නි‍සා, ‍ඔ‍යා‍ල‍ගේ ‍පුං‍‍චි ‍හෝ ‍අ‍ද‍හස්‍ ‍කො‍මන්‍‍ටු‍වක්‍ ‍ම‍ගින්‍ ‍දා‍ලා ‍ය‍න ‍ලෙ‍ස ‍ඔ‍යා‍ලා ‍හැ‍ම‍ගෙන්‍ ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා. ‍ත‍ව ‍ලස්‍‍ස‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ , ‍හැ‍කි ‍උ‍නොත්‍ ‍ඔ‍යා‍ලා ‍ඉල්‍‍ලීම්‍ ‍ක‍ර‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍යක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍හ‍මු‍වෙන්‍‍න‍ට ‍එන්‍‍නම්‍. ‍හැ‍මෝ‍ට‍ම ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!
  



CCD68EF0B6BE775B9CBAE5146E17FBB6B183825E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
                            




Friday, March 28, 2014

All Is Lost (2013) | සෑ‍ම ‍දෙ‍යක්‍‍ම ‍ඉ‍ව‍ර‍යි. [සිංහල උපසිරසි සමඟ]


මේ ‍ම‍ගේ 4 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය. ‍අ‍ද ‍දෙ‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කේ ‍නම්‍ ‍දෙ‍බස්‍ ‍කි‍ය‍න ‍එ‍ක ‍නැ‍ති ‍ත‍රම්‍. ඔ‍යා‍ල‍ට ‍ඇත්‍‍ත ‍කි‍යන්‍‍න ‍ඕ‍න ‍නේ. ‍දෙ‍බස්‍ ‍අ‍ඩු ‍ඒ‍වා ‍බ‍ලන්‍‍න ‍කැ‍ම‍ති ‍අ‍ය ‍ඉන්‍‍න‍වා‍නම්‍ ‍අ‍ර‍ගෙ‍න ‍බ‍ලන්‍‍න. ‍මේ‍කේ ‍අධ්‍යක්‍‍ෂ‍කව‍ර‍යා ‍වන්‍‍නේ J.C. Chandor.‍ න‍ලු‍වා ‍වන්‍‍නේ Robert Redford. 2013 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය‍ට IMDB අ‍ග‍ය 7.4ක්‍ ‍ලැ‍බි‍ලා ‍ති‍යෙ‍න‍‍වා.
‍දැන්‍ ‍මෙ‍ක ‍මො‍න‍ව‍ගෙ‍ද ‍කි‍ය‍ලා ‍ක‍තා‍ව ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍ස‍ද‍හන්‍ ‍කි‍රී‍මෙන්‍ ‍දැ‍න‍ග‍ත ‍හැ‍කි ‍වෙ‍යි. ඉන්‍‍දි‍යන්‍ ‍සා‍ග‍ර‍යේ ‍ත‍නි‍ව ‍යාත්‍රා ‍ක‍ර‍න ‍මි‍නි‍සෙක්‍, කන්‍‍ටේ‍නර් ‍රැ‍ගෙ‍න ‍යත්‍රා ‍ක‍ර‍න ‍නැ‍වක්‍ ස‍ම‍ග ‍වෙන ද‍රු‍නු ‍ගැ‍ටු‍මෙන්‍ ‍පසු සිහිය ලබන විට ත‍‍ම ‍කු‍ඩා ‍යාත්‍රා‍ව ‍මු‍හු‍දේ ‍ගි‍ලෙ‍මින්‍ ‍ති‍බි‍ය‍දී ‍සො‍යා ‍ගන්‍‍න‍වා. ඔ‍හු‍ගේ ‍නා‍වි‍ක ‍උ‍ප‍ක‍ර‍න ‍හා ‍රේ‍ඩි‍යෝ ‍ප‍හ‍සු‍කම්‍ ‍අ‍හි‍මි ‍වී ‍ය‍න‍වා. ‍මේ ‍මි‍නි‍සා ‍නො‍දැ‍නු‍වත්‍‍ම ද‍රු‍නු ‍කු‍නා‍ටු‍වක්‍ ‍දෙ‍ස‍ට ‍යාත්‍රා ‍ක‍ර‍න‍වා. ‍මෙ‍ප‍ම‍න ‍ද‍හ‍දුක්‍ ‍වි‍ද‍ගෙ‍න ‍ත‍ම ‍අ‍ර‍මු‍න ‍ක‍රා ‍පි‍ය ‍න‍ග‍න මේ ‍මි‍නි‍සා ‍සාර්ථක ‍වෙ‍යි‍ද? ‍ත‍ම ‍ජී‍වි‍ත‍ය ‍බේ‍රා ‍ගන්‍‍න‍ට ‍ඔ‍හු‍ට ‍හැ‍කි ‍වේ‍ද? ‍ඔ‍හු ‍කු‍ණා‍ටු‍ව‍ට ‍කො‍හො‍ම මු‍හු‍න ‍දෙ‍යි‍ද? ‍මේ ‍සෑ‍ම ‍එ‍ක‍ට‍ම ‍පි‍ලි‍තු‍රු ‍දැ‍න ‍ගන්‍‍න ‍නම්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය ‍න‍රඹන්‍‍න‍ම ‍වෙ‍න‍වා.
මෙ‍ය ‍න‍රඹ‍න ‍ග‍මන්‍ ‍ම‍හා ‍සා‍ග‍ර‍යේ ‍ත‍ම‍නුත්‍ ‍මේ ‍අන්‍‍ද‍ම‍ට ‍මේ ‍ව‍ගේ ‍අ‍වස්‍‍තා‍ව‍ක‍ට ‍ත‍නි‍ව ‍ත‍මන්‍‍ට මු‍හු‍න ‍දෙන්‍‍න ‍උ‍නොත්‍ ‍මො‍කක්‍ ‍වෙ‍යි‍ද? කොහො‍ම‍ද ‍එ‍ය‍ට ‍මු‍හු‍න ‍දෙන්‍‍නේ ‍කි‍යා ‍පුං‍‍චි ‍හෝ ‍අත්‍ ‍දැ‍කී‍මක්‍ ‍ඔ‍බ‍ට‍ද ‍ල‍බා ‍ගන්‍‍න ‍ලැ‍බෙ‍යි. කැ‍ම‍ති ‍කට්‍‍ටි‍ය ‍බා‍ගෙ‍න ‍බ‍ලන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍මින්‍ ස‍මු ‍ගන්‍‍න‍වා. ‍ත‍වත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍කින්‍ ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍හ‍මු ‍වෙන්‍‍න ‍ලැ‍බෙ‍යි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම ‍මා‍ ‍හ‍ට ‍සැ‍ම ‍වි‍ට ‍උ‍දව්‍ ‍ක‍ර‍න ‍ස‍මී‍ර ‍ක‍රු‍ණා‍රත්‍‍න ‍අ‍යි‍‍යා ‍ඇ‍තු‍ලු ‍සි‍ය‍ලු ‍දෙ‍නා‍ට ස්‍‍තූ‍ති‍යි.

9D1432716E49A7C4D41B0DBCC6306A38B426A32D
25586083BB0E4D958DA9399864B7802541A6D840
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Thursday, March 27, 2014

Endrendrum Punnagai (2013) | සැ‍ම‍දා‍ ‍ස‍තු‍ටෙන්‍ ‍ඉ‍දි‍මු. [සිංහල උපසිරැසි සමඟ]

Endrendrum Punnagai (2013) | සැ‍ම‍දා‍ ‍ස‍තු‍ටෙන්‍ ‍ඉ‍දි‍මු. [සිංහල උපසිරැසි සමඟ]

෴‍බ‍යිස්‍‍කෝප්‍ ‍සිං‍‍හ‍ලෙන්‍෴ ‍අ‍ඩ‍වි‍ය‍ට 5 ‍වෙ‍නි ‍සං‍‍වත්‍‍ස‍ර‍ය වෙ‍නු‍වෙන්‍ ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍. ‍ඔන්‍‍න ‍ම‍ම ‍අ‍ද ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍ඔ‍බ වෙ‍ත ‍ගෙ‍නල්‍‍ල ‍ති‍යෙන්‍‍නේ. ‍මේ‍ක 2013 ‍ව‍ස‍රේ ‍දෙ‍සැම්‍‍බර් 20‍ව‍න ‍දි‍න ‍නි‍කුත්‍ ‍වූ ලස්‍‍ස‍න ‍ක‍තා‍වක්‍ ‍පා‍ද‍ක ‍ක‍ර‍ගත්‍ ‍සු‍පි‍රි ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍මේ‍ක‍ට imdb ‍අ‍ග‍ය 6.8 ක් ‍ලැ‍බි‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍මේ‍ක‍ට ‍සු‍පි‍රි ‍න‍ලු නි‍ලි ‍සෙට්‍ ‍එ‍කක්‍ ‍රං‍‍ග‍න‍යෙන්‍ ‍එක්‍ ‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍ක‍තා‍ව ‍ගැ‍න ‍කිව්‍‍වොත්‍ ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි ‍ක‍තා‍ව ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ.
ගෞ‍තම්‍‍ගේ ‍ම‍ව ‍ගෞ‍තම්‍ ‍කු‍ඩා ‍ක‍ල ‍පැ‍න‍ලා ‍ය‍න ‍සිද්‍‍දි‍ය‍කින්‍ ත‍මා ‍ක‍තා‍ව ‍ප‍ටන්‍ ‍ගන්‍‍නේ. මේ ‍දු‍ක‍ට ‍එ‍දා ‍රෑ ‍ගෞ‍තම්‍‍ගේ ‍පි‍යා ‍හො‍ද‍ට‍ම ‍බී‍ල. ‍කාන්‍‍තා‍වන්‍ ‍හ‍රි ‍නෑ, ‍ඒ ‍‍අ‍ය ‍ඒ‍ගොල්‍‍ලන්‍ ‍ගේ වා‍සි‍ය‍ට ‍ත‍මා ‍වැ‍ඩ ‍ක‍රන්‍‍නේ, ‍මේ ‍ව‍ගේ ‍දේ‍වල්‍ ටි‍කක්‍ දො‍ඩ‍ව‍න‍වා. ‍මේ ‍දේ‍වල්‍ ‍කු‍ඩා ‍ගෞ‍තම්‍‍ගේ ‍සි‍ත‍ට ‍ඉ‍තා ‍ත‍දින්‍ ‍කා ‍ව‍දි‍න ‍අ‍ත‍ර ‍එ‍දා ‍සි‍ට ‍ගෞ‍තම්‍‍ට ‍කාන්‍‍තා‍වන්‍ ‍කිව්‍‍වොත්‍ ‍ඇ‍ල‍ජික්‍. ‍ගෞ‍තම්‍‍ගේ ‍සි‍ත ‍වෙ‍නස්‍ ‍වෙන්‍‍න ‍කි‍යා ‍එ‍යා‍ගේ ‍තාත්‍‍තා ‍ගෞ‍තම්‍‍වත්‍ ‍එක්‍‍ක‍ර‍ගෙ‍න ‍චෙන්‍‍නා‍යි ‍ව‍ල‍ට ‍ප‍දිං‍‍චි‍ය‍ට ‍එ‍න‍වා. ‍මෙ‍හි‍දී ‍පා‍ස‍ලේ‍දී ‍ගෞ‍තම්‍‍ට ශ්‍රී, ‍බේ‍බී ‍කි‍ය‍ලා ‍යා‍ලු‍වෝ ‍දෙන්‍‍නෙක්‍ ‍හ‍මු‍ව‍න ‍අ‍ත‍ර ‍ඔ‍වුන්‍ ‍එක්‍‍ක ‍ගෞ‍තම්‍ ‍ඉ‍තා ‍සෙ‍නෙ‍හ‍සෙන්‍ ‍ඉන්‍‍න‍වා. ‍මො‍වුන්‍ ‍ලො‍කු ‍උ‍නා‍ට ‍පස්‍‍සේ 3න්‍ ‍දෙ‍නා ‍එ‍ක‍තු ‍වෙ‍ලා ‍වෙ‍ල‍ද ‍දැන්‍‍වීම්‍ ‍නිෂ්‍‍පා‍ද‍න ‍ආ‍ය‍ත‍න‍යක්‍ ‍ප‍වත්‍‍ව‍ගෙ‍න ‍ය‍න‍වා.‍ මේ 3න්‍ ‍දෙ‍නා ‍ත‍ම ‍කා‍ල‍ය ‍ඉ‍තා‍මත්‍ ‍වි‍නෝ‍දෙන්‍ ‍ත‍මා ‍ග‍ත ‍ක‍රන්‍‍නේ. ‍මො‍වුන්‍ ‍ක‍ර‍න ‍ස‍ම‍හ‍ර ‍දේ‍වල්‍ ‍ඉ‍තා‍මත්‍ ‍සි‍න‍හ ‍උ‍ප‍ද‍ව‍න ‍සු‍ලු‍යි. ‍ඔ‍යා‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය ‍බැ‍ලු‍වොත්‍ ‍ඒ ‍බ‍ව ‍ද‍කි‍යි. ‍ත‍ව ‍දෙ‍යක්‍. ‍මේ‍ගොල්‍‍ලන්‍ ‍ගේ ප්‍රති‍පත්‍‍ති‍ය‍ ත‍මා ‍මැ‍රෙ‍න‍කම්‍‍ම ‍ත‍නි‍ක‍ඩ‍යෝ ‍ලෙ‍ස ‍ජී‍වත්‍ ‍වී‍ම. ‍එ‍නම්‍ ‍ක‍සා‍ද ‍බ‍දින්‍‍නේ ‍නැ‍තු‍ව ‍ඉන්‍‍න ‍එ‍ක. ‍ද‍ව‍සක්‍ ‍ස‍නී ‍කි‍ය‍න ව්‍යාපා‍රි‍ක‍යා ‍මේ ‍අ‍ය‍ට ‍දැන්‍‍වී‍මක්‍ ‍හ‍දන්‍‍න ‍බා‍ර‍දෙ‍න ‍අ‍ත‍ර ‍ඊ‍ට ‍ස‍හ‍ය ‍වන්‍‍න‍ට ‍උ‍ප‍දේ‍සි‍කා‍වක්‍ ‍මේ ‍අ‍ය‍ට ‍ල‍බා ‍දෙ‍න‍වා. ‍ඉ‍තින්‍ ‍ගෞ‍තම්‍‍ට ‍කාන්‍‍තා‍වන්‍ ‍කිව්‍‍වොත්‍ ‍ඇ‍ල‍ජික්‍ ‍නේ. ‍ඒ ‍උ‍නා‍ට ශ්‍රී‍ට ‍එ‍හෙ‍ම ‍නෑ. ‍හ‍රි‍ද. ‍ඉ‍තින්‍ ‍ගෞ‍තම්‍ ‍මේ ‍‍උ‍ප‍දේ‍සි‍කා‍ව ‍ව‍න ප්‍රි‍යා ‍එක්‍‍ක ‍කො‍හො‍ම ‍වැ‍ඩ ‍ක‍ර‍යි‍ද? ‍ක‍තා‍ව ‍මැ‍ද ‍හ‍රි‍ය‍ට ‍යද්‍‍දි ‍ගෞ‍තම්‍ ‍අ‍නෙක්‍ ‍යා‍ලු‍වෝ ‍දෙන්‍‍නත්‍ ‍එක්‍‍ක ‍ත‍ර‍හා ‍වෙ‍ලා ‍ක‍තා ‍ක‍රන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ඉන්‍‍න‍වා. ‍ඊ‍ට ‍හේ‍තු‍ව ‍මො‍කක්‍‍ද? ‍ඒත්‍එක්‍‍ක‍ම ‍ගෞ‍තම්‍ ‍ත‍ම ‍පි‍යත්‍ ‍එක්‍‍කත්‍ ‍අ‍වු‍රු‍දු 14ක්‍ ‍ක‍තා ‍ක‍රන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ඉන්‍‍න‍වා. ‍ඊ‍ට ‍හේ‍තු‍ව ‍මො‍කක්‍‍ද? ‍යා‍ලු‍වො 3න්‍ ‍දෙ‍නා ‍අ‍ව‍සා‍න‍යේ ‍එ‍ක‍තු ‍වෙ‍යි‍ද? ‍මේ ‍හැ‍ම ‍එ‍ක‍ට‍ම ‍පි‍ලි‍තු‍රු ‍මේ ‍ස‍ල‍රු‍ව ‍නැ‍ර‍බු‍වොත්‍ ‍දැ‍න‍ග‍ත ‍හැ‍කි ‍වේ‍වී.
වි‍ශේ‍ෂයෙන්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ල ‍යු‍තු ‍දෙ‍යක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍එ‍නම්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍කි‍සි‍දු ‍භා‍ෂා‍ව‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අන්‍‍තර්ජා‍ල‍ය‍ට ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍නැ‍ත. ‍වා‍ස‍ල ‍අ‍යි‍යා ‍ත‍මා ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍කා‍ල‍රා‍මූ ‍ස‍ක‍සා ‍දුන්‍‍නේ. ‍එ‍යා‍ට ‍මේ ‍අ‍වස්‍‍තා‍වේ‍දී ‍වි‍ශේ‍ස ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද‍ක‍ර‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ස‍වන්‍ ‍දෙ‍මින්‍ ‍ක‍රන්‍‍න‍ට ‍උ‍නු ‍නි‍සා ‍ටි‍කක්‍ ‍වැ‍ඩි‍පු‍ර ‍කා‍ල‍යක්‍ ‍ග‍ත ‍උ‍නා ‍ම‍ට ‍මෙ‍ය ‍නි‍ම ‍ක‍රන්‍‍න‍ට. ‍වෙච්‍‍ච ‍ම‍හන්‍‍සි‍ය‍ට ‍ක‍ල‍ගු‍න ‍ස‍ල‍කා‍වී ‍යැ‍යි ‍සි‍ත‍න‍වා. ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න ‍ක‍තා‍ව‍කින්‍ ‍හ‍මු‍වෙන්‍‍නම්‍. ‍ජ‍ය ‍වේ‍වා!